(යොහාන් බාසුර)
රජයේ පාලන මිලට හෙට සිට සහල් නිකුත් කරන බව සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරසේන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද සවස පැවැසීය.
ඉන්ධන ගැටළු සහ ඇසුරුම්මිල ඉහළ ගිය ද රජය විසින් පනවා ඇති මිල ගනන් යටතේ හෙට සිට සහල් නිකුත් කරන බවත් අනෙකුත් සහලා නිෂ්පාදකයන්ගෙන් ද එම මිලට සහල් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අනුව නාඩු සහල් කිලෝව රුපියල් 220 ද,සම්බා කිලෝව රුපියල් 230 සහ කීරි සම්බා කිලෝව රුපියල් 260 වෙළෙඳ පොලට නිකුත් කරන බව ද ඩඩ්ලි සිරිසෙන මහතා කියා සිටියේය.
මෙම සහල් බෙදීම සඳහා ඩීසල් අවශ්‍ය බවත් ඒ සඳහා රජය මැදිහත්විය යුතු බව ද පැවැසීය.
මේ වන විට සහල් මෝල් අටේ සහල් මෙට්ට්‍රිට් ටෝන් ලක්ෂ ලක්ෂ 2,50,000 - 3,00,0000 අතර ප්‍රමාණයක් තියෙන බවත් සල්ලි කාර ගෝවීන් අසල තිබෙන සහල් සමග සහල් මෙට්ට්‍රික් ටෝන් ලක්ෂ පහක් පමණ සොයාගත හැකි බව ද කියා සිටියේ. මාස තුනකට සහල් පාලනය කිරීමේ බලය ජනතාවට බාර දෙන බවද කියා සිටියේය.
මාස තුනක් යන තෙක් කෑම වේල් අඩු කිරීම නොව කන ප්‍රමාණය අඩුකරමු යැයි ද කියා සිටියෙය.