(ඩයනා උදයංගනී)
මාර්ගවල මැද තීරුව භාවිත කරමින් සීඝ‍්‍රගාමී බස් සේවයක් හඳුන්වාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
දැනට ක‍්‍රියාත්මක කර ඇති ප‍්‍රමුඛතා මංතීරු සඳහා ද සුඛෝපභෝගී බස් සේවාවක් හඳුන්වා දීම සඳහා තමන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ද අමාත්‍යවරයා කියයි.
ඇමතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වා දීම තුළින් දින දෙකක් ඇතුළත එම මාර්ගවල විනයක් ඇති වී ඇති බව කී අමාත්‍යවරයා මාර්ගයේ විනය ඇති කළ සේම ඉදිරියේදී දේශපාලන කේෂේත‍්‍රයේ ද විනයක් ඇති කළ යුතු බව ද ප්‍රකාශ කරයි.
ඊට විශේෂ අධිකරණ එකක් නොව දහයක් හෝ පිහිටුවා අවශ්‍ය පියවර ගත යුතු බව ද ඇමතිවරයා කියයි.

