
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන අයට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා කීවේ ඔලු තුනේ බූරුවන් කියා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය වෙන් කරන්නේ නැතැයි මහාචාර්ය ජී.එල් පීරිස් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා මේ බව කීය.
"පාර්ලිමේන්තුවේ සිටින සැමට කතා කිරීමේ අයිතිය තිබෙනවා.ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියා කොටස් දෙකක් තිබෙනවා. ස්වාධීන කොටසක් කියා දෙයක් ඉතිරි වන්නේ නැහැ. දෙපැත්තටම නැති අය සිටිනවා නම් මැදට ආසන ටිකක් දමා ස්වාධීන කිව යුතුයි.එහෙම වුනොත් වෙන්නේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය නැතිවී ඔලු තුනේ සම්ප්‍රදාය ක්‍රියාත්මක කරන්න වෙනවා.
ස්වාධීන වෙන අයට ඔලු තුනේ බූරුවන් යැයි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා කිව්වා.අපි එහෙම කියන්න කැමති නැහැ. එතුමාලටත් කතා කරන්න අයිතිය තිබෙනවා.ස්වාධීන වී දෙපැත්තෙම නැති උනාම කාලය දෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් ද? විපක්ෂයෙන් ද?අපේ කාලයෙන් දෙන්නම්, විපක්ෂයෙන් දෙනවාද?
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව වෙලාව වෙන් කරන්නේ පාර්ලිමේන්තුවට තේරුණු කණ්ඩායමේ වෙලාවයි.විපක්ෂයේ වාඩි වුණු අය තේරුනේ පොදුජන පෙරමුණෙන්. වෙලාව දිය යුත්තේ ඒ අනුවයි.

