පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - සභාව කල් තැබේ


(ඩයනා උදයංගනී)

පස්වරු 3.30

තෙල් වර්ජනය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමත් සමග අද(26) කල් තැබූ පාර්ලිමේන්තුව විනාඩි 30කට පමණ පසු යළි ආරම්භ කෙරිණි.

නමුත් ඛනිජ තෙල් සේවකයින් අත්අඩංගුවට ගත් බව හා ඔවුන්ට පහර දුන් බව කියමින් ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තු සභා ගැබේ ඝෝෂා කිරීම හේතුවෙන් හෙට(27) පෙරවරු 10.30 තෙල් යළි පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය.

මේ අතර ඝෝෂා හා බාධා කිරීම් මධ්‍යයේ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් හා ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත විය.


පස්වරු 2.30

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අද(26) පාර්ලිමේන්තුව උණුසුම්වීමත් සමග සභාව කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගත්තේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තෙල් සේවක වර්ජනය සම්බන්ධයෙන් අද(26) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමත් සමග ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු විවිධ ප්‍රශ්න නැගීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.