පාර්ලිමේන්තු කාරක සභාව හෙට රැස්වෙයි


පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක්  හෙට (21)  පෙරවරු 11 ට  පැවැත්වීමට නියමිතය.
 
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කැඳවන ලෙස   කථානායකවරයා  පාර්ලිමේන්තු  මහ ලේකම් ධම්මික දසනායක මහතාට ලබා දුන් උපදෙස් මත  මෙම කැඳවීම කර තිබේ.