ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 17 දෙනකු සහ සෙසු නිලයන් 161 දෙනකු විසිර යෑමේ උත්සවය අම්පාර කොන්ඩවටුවාන යුද හමුදා සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එල්.ඩබ්ලිව්.සී.බි.බී. රාජගුරු එහි ආරාධිතයා විය. පුහුණු පාසලේ සේනා විධායක බ්‍රිගේඩියර් එස්.එස්.වඩුගේ සහ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්. කස්තුරි මුදලි මහත්වරු එම අවස්තාවට එක් වූහ.