පාප් තුමා ලංකාවට එන හැඩයි


 

ප්‍රැන්සිස් පාප්තුමා ලබන ජනවාරියේ ආසියාවේ සංචාරයක් කරන බව පසුගිය දා බ්‍රසීල සංචාරය නිමා කර යළි වතිකානය වෙත යමින් සිටියදී මාධ්‍ය වෙත පවසා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කර ඇත.

මේ වන විට වැඩකටයුතු අවසන් කර ඇති මීගමුව බෝලවලානේ 16 වන බෙනඩික් ආසියාතික දේවධර්ම ශාස්ත්‍රාලය විවෘත කිරීමේ උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට එතුමන්ට යැවූ ආරාධනාපත ද එතුමන් බාරගෙන ඇත.

ප්‍රැන්සිස් ශුද්දෝත්තම පියතුමන් සිය ජෙරුසෙලමේ සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාවේ සහ පිලිපීනයේ සංචාරය පිළබදව ද සලකා බලමින් සිටින බව වාතිකාන වාර්තාකරුවෙකු වන ජොන් ඇලන් පවසා ඇත.