පාපන්දුවෙන් ඉතාලියේ නම තියයි


ඉතාලියේ බ්‍රේෂියා චැලෙන් ජර්ස් නගරයේ පාපන්දු ක්‍රීඩා සමාජය දෙවැනිවරටත් සංවිධානය කළ  වැලෙන්ජර්ස් පාපන්දු තරගාවලියේ ශූරතාවය වෙරෝනා නගරයේ ජෝලි බොයිස් ඒ කණ්ඩායම දිනා ගත්තේය. ස්ට්‍රීට් බෝයිස් කණ්ඩායමට අනු ශූරතාවය හිමි විය. මෙම තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණ වූයේ මතකයෙන් ඈත්වී ඇති ඉතාලියේ සිටින දක්ෂ ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩකයන් සොයා ඔවුන්ගෙන් සිදු වූ සේවයට උපහාර පිදීමයි.  ඒ අනුව මෙවර තෝරා ගන්න ලද්දේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් අමිල සේවයක් කළ  මිලානෝ එස්.එම්. කපිල ජානක මහතාට උපහාර පිදිමයි. හලාවත ආනන්ද මහා විදුහලෙන් හා වෙන්නප්පුව ජෝශප් වාස් මහා විදුහලෙන් අධ්‍යාපනය ලබා හලාවත චිලාව් බෝයිස්, වෙන්නප්පුව නිව් යන්ග්ස්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම, කොළඹ යෝක් කණ්ඩායම, ශ්‍රී ලංකා ජාතික කනිෂ්ට කණ්ඩායම ද නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා හා ජයග්‍රහණ ලබා ඇත. 1995 ඉතාලියට පැමිණි මොහු ශ්‍රී ලාංකික පාපන්දු කණ්ඩායම් දෙකක් වන මිලානෝ නගරයේ සෙලනියන්ස් හා බ්රේෂියා නගරයේ බ්රේෂියා පාපන්දු කණ්ඩායම්වලට ජයග්‍රහණ අත්පත් කැර දුන්නේය. පාපන්දු ක්‍රීඩාවට මඟ පෙන්වූ වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජයේ කලමනාකරු වන රෝහිත ප්‍රනාන්දු මහතා ඔහු සිහිපත් කරයි. වම් පස සිටින්නේ ජානකයි