පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල පහළට


(මහින්ද නිශ්ශංක)
 

රජය මගින් වැට් බද්ද අඩු කිරීම සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමේ සහනය පාරිභෝගිකයාට ලබාදීම සඳහා පාන් හැර බනිස් සහ මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.ආර් ජයවර්ධන මහතා පැවසීය.
 
රජයේ මෙම බදු සහන ප්‍රතිපත්තිය හේතුවෙන් බේකරි හිමියන්ට විශාල වශයෙන් සහන සැලසී ඇති බවද ඒ මහතා කීව.
 
මෙම බදු සහනය හේතුවෙන් කේක් කිලෝවක මිලද රුපියල් 50 කින් අඩුවන බව ඒ මහතා පැවසීය.
 
පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩුවීම හේතුවෙන් මෙම සහනය ජනතාවට සලසන ලෙස සියලුම බේකරි නිෂ්පාදකයිගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.