පානදුර අධිකරණයෙන් තිදෙනකුට මරණ දඬුවම


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වසර 12කට පෙරදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගල ඝාතනයක් කළැයි චෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනකුට මරණීය දණ්ඩනය නියම කිරීමට පානදුර මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය අද(12) නියෝග කළාය.

2005 -11- 17 වැනිදා බණ්ඩාරගම අටළුගම දී මොහොමඩ් මහරුෆ් ඉසදීන් නමැත්තාට තියුණු ආයුධවලින් පහරදී මරණය සිදුකළැයි විත්තිකරුවන් 7 දෙනකුට එරෙහිව නඩු පවරා තිබූ අතර එම නඩුවේ පළමු, දෙවැනි හා තෙවැනි විත්තිකරුවන් චෝදනාවලට වැරදිකරුවන් කරමින් මරණීය දණ්ඩනය නියම කෙරිණි. ඒ අනුව මෙහොමඩ් ලෙබ්බේ මොහොමඩ් සැකරියා (53), ජමාල්ඩීන් මොහොමඩ් ෆාසිම් (51) සහ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ඉක්බාල් (34) යන චූදිතයන්ට මරණ දණ්ඩනය නියම විය.