ඉතාලි ක්‍රිකට් ආයතනය සංවිධානය කළ බී කාණඩයේ කාන්තා ක්‍රිකට් ශුරතාවය දිනා ගැනිමට පාදෝවා කණ්ඩායමය සමත්විය.
තරගාවලිය බොලොඥ්ඥා නුවරදී පැවැත්විණි. වසර ගණනාවක ක්‍රිකට් අත්දැකිම් ඇති ඉතාලිය පුරා නගර රැසක කාන්තා කණ්ඩායම් මෙහිදී තරග වැදුණු අතර මාස දෙකක පුහුණුවකින් පමණක් තරගාවලියට මුහුණ දුන් පාදෝවා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වනුයේ එහි පුහුණුකරු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක තිලන්ත පෙරේරා බව පාදෝවා ක්‍රිකට් සමාජය පවසයි.

