පාදුක්කේ දැරියට දුමින්දගෙන් නව නිවසක්


(බුද්ධික කුමාරසිරි)

පාදුක්ක මිරියගල්ල දී කිසිවකු විසින් ගිනි තබා විනාශ වූ නිවසේ පදිංචිව සිටි මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දැරිය හමුවීමට පැමිණි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම දැරියට නව ඉඩමක් මිලදී ගෙන අංග සම්පූර්ණ නිවසක් ඉදිකර දෙන බවට අද(17) පොරොන්දු විය.

අංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන නිමාෂි කාව්‍යා දැරිය පදිංචිව සිටි මිරියගල්ල ආදර්ශ ගොවිපළ ප‍්‍රදේශයේ නිවසට කිසිවකු විසින් ඉකුත් 14දා ගිනි තැබීම හේතුවෙන් එම දැරියගේ පාසල් පොත් පත් සහ නිල ඇඳුම් සියල්ල ද ඇගේ නිවස ද සම්පූර්ණයෙන් ම විනාශ වී තිබිණි.

මේ පිළිබදව මාධ්‍යවල පල වූ වාර්තා දැක ඒ පිලිබදව සොයා බැලූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එංගලන්තයේ වෙසෙන ශ‍්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරිකයකු වන ඩර්වින් ගුණසේකර මහතා හා එක්ව එහි පැමිණි අතර එහිදී ආසන්නයේ ඉඩමක් මිලට ගැනීමට කටයුතු යොදා එහි ඔවුන්ට නිවසක් ඉදිකර දීමට ද පොරොන්දු විය.