පාඨලී අතීත දූෂකයන්ට දඬුවම් ඉල්ලයි


( මුදිතා දයානන්ද)

ව්‍යවස්ථාව සංශෝධනය කර හෝ විශේෂ අධිකණයක් පිහිටුවා අතීතයේ දූෂිතයන්ට දඬුවම් පැමිණවීම කඩිනම් කරන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (14) බත්තරමුල්ලේදී පැවසීය.

ජාතික හෙළඋරුමයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසු රණවක මහතා මෙසේද පැවසීය.

‘මේ ආණ්ඩුව බලයට ගෙන ආ ජනතාවගේ ප‍්‍රධාන ඉල්ලීම වුණේ හොරකම දූෂණය, නාස්තිය වැළැක්වීම හා අතීතයේ දූෂණ සිදුකළ අයට දඬුවම් දීමයි. නමුත් ඒ  වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ ප‍්‍රමාද කරන බවට පොලිස්පතිටත්, නීතිපතිටත් චෝදනා එල්ලවෙනවා. අපිත් ඒ චෝදනාව කරනවා. වහාම අතීතයේ දූෂිතයන්ට දඬුවම් දීමට යාන්ත‍්‍රණයක් ඇති කරන ලෙස අපි ඉල්ලා සිටිනවා‘