පාකිස්තානයට ලකුණු 140 ක ඉලක්කයක්


විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 139 ක් රැස්කළේය. ශ‍්‍රී ලංකාව  ඕවර 20 කදී කඩුලූ 4 ට 139 (මහේල ජයවර්ධන 42, තිලකරත්න ඩිල්ෂාන් 35, කුමාර් සංගක්කාර 18, ජීවන් මෙන්ඩිස් 15, තිසර පෙරේරා නොදැවී 11, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 10)