ප්‍රීමා තිරිගු පිටි මිල ඉහළට


(රංජිත් රාජපක්ෂ)

ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ලෙස ප්‍රීමා සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රීමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දී ඇත.

ප්‍රීමා සමාගම විසින් මීට ප්‍රථම පිටි මිල වැඩි කර පසුව රජයේ ඉල්ලීමක් මත පසුගිය දා මිල අඩු කෙරිණි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රීමා තිරිඟු පිටි රු 8.50 ඉහළ දැමීමත් සමඟ ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක් රු 104.50 දක්වා ඉහළ යන බවත්, මෙයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ යා හැකි බව බේකරි හිමියෝ පවසති.