ප්‍රා සභාපතිට කූඩුවේදි කලන්තේ


ජනාධිපතිවරණය සමයේ පොදු අපේක්ෂක වේදිකාවක් සකසමින් සිටි එජාප ආධාරකරුවකු වන ශාන්ත දොඩම්ගොඩ වෙඩි තබා මරා දැමීයැයි කියන සිද්ධියේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි විභාගය අතරතුර රිමාන්ඩ් බාරයේ සිටින කහවත්ත ප්‍රාදේශීය සභාපති වජිර දර්ශන ක්ලාන්ත වීම නිසා විත්තිකුඩුවේ පුටුවක වාඩි කරනු ලැබීය.

පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් ද සිල්වා මහතා ඉදිරියේ පැවැති සාක්කි විභාගයේ දී දෙදෙනෙක් සාක්කි දුන්හ.

හිටපු නියෝජ්‍ය ඇමැති (සන්ධාන) ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) ද මෙහි සැකකරුවෙකි.