ප්‍රා.සභා මන්ත්‍රී රෝහලේ


බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි සංජීව කුලතිලක මහතාට පහරදුන් බව කියන සන්ධානයෙම පළාත් සභා මන්ත්‍රීවරයකු නීතිඥයකුගේ මාර්ගයෙන් අද බාර වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි. පහර කෑමට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට අතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම අධ්‍යාපන කලාපයේ පාසල් හතක පැවැත්වීමට  නියමිත උස්ව  සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ පැවැති සාකච්ඡාවකින් පසුව තමාට දෙවතාවක් ම පහරදුන් බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.