ප්‍රා මන්ත්‍රීත් වීදි නාට්‍යයට ගහයි


අතුරුදන් වූවන්ගේ යැපෙන්නන්ගේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන 20 ක පමණ සහභාගීත්වයෙන් එප්පාවල නගරයේ පැවති ‘වීදියේ විරෝධය‘ වැඩසටහන වාර්තා කිරීමට ගිය ‘අද‘ පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් මහතා මැර ප්‍රහාරයකින් තුවාල ලදහ. මැරයෝ ඔහුගේ වීඩියෝ කැමරාවද වැනසූහ. පවුල්වාදය තේමා කරගත් වීදි නාට්‍යය බැලීමට පැමිණි පිරිසකටද මැරයන් පහරදී ඇතැයි කියති.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිස මේ ප්‍රහාරය එල්ල කර තිබේ.

මාධ්‍යවේදියාට පහරදීමට පෙර මැරයන් ‘වීදියේ විරෝධය‘ පිරිසටද පහරදී ඇතැයි කියති.

තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු හා උතුරු මැද පළාත් සභා දේශපාලඥයකුගේ ගෝල පිරිසක් තිසර සමල් මහතාට මෙම පහරදීම සිදු කැර ඇතැයි කියති.

 

 

  New-Picture-(1)

New-Picture-(2) New-Picture1

New-Picture-(1)gg New-Picture-(2)ffff New-Picture-(3)kk

New-Picture