ප්‍රා. මන්ත්‍රී කිරිගරුඬ පිළිමයෙන් පොලිසියට කොටුවේ


අනුරාධපුර යුගයට අයත් කිලෝ 14 ක් බරැත් කිරි ගරුඬ බුදු පිළිමයක් අළෙවි කිරීමට තැත් කළ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ක්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසට අයත්යැයි සැළකෙන මෙම පිළිමය රජයේ සේවකයකුගෙන් ලක්ෂ හතරකට මිලදී ගෙන ලක්ෂ හතකට අළෙවි කිරීමට සූදානම් වූ බවත් පොලීසිය කියයි.