(තරිඳු ජයවර්ධන)
උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීයැයි කියන සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන අද(21) සවස රහස් පොලිසියට භාර දෙනු ලැබීය.
ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවී ඇති බවක් ගම්පහ පොලිසිය මෙතක් කළ විමර්ශනවලින් හෙළි වී නැත.
රහස් පොලිසියට විමර්ශන බාර දීමෙන් පසු එහි විමර්ශන කණ්ඩායමක් අද ගම්පහට පැමිණ විමර්ශන ආරම්භ කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
කළින් අනුමාන ප්‍රශ්න දුන් බවට සඳහන් කරමින් අත්පත්ත්‍රිකා බෙදීමේ යටි අරමුණ කුමක්දැයි සොයා බැලීමේ අරමුණින් රහස් පොලිසියට විමර්ශන පැවරූ බවත්, විභාග කොමසාරිස් විසින් නිකුත් කරනු ලැබූ ගැසට් පත්‍රයකට අනුව විභාග කාලයේ මෙවැනි අත්පත්‍රිකා බෙදීම ද නීති විරෝධී බවත් පොලිසිය පවසයි.

