කොළඹ නගරයේ බස් ප‍්‍රමුඛතා මංතීරු ක්රමය හෙට සිට කි‍්‍රයාත්මක කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කියයි.
කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව, ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය ක‍්‍රියාත්මක සමාරම්භක දිනය වන හෙට දින (15) මොරටුව කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත්, කොළඹ නගරය දෙසට ගමන් කරනු ලබන පොදු ප්රවාහන සේවා එක මංතීරුවක පමණක් ගමන් කරනු ඇත.
සතියේ දිනවල පෙරවරු 06.00 සිට පෙරවරු 09.00 දක්වා මෙම මාර්ගයන්හි කොළඹ දෙසට වෙන් කරනු ලැබූ මංතීරු තුළ පමණක් පොදු ප්රවාහන සේවා ධාවනය කළ යුතු වන අතර එම වේලාවන්හි මංතීරුවවල අනෙකුත් වාහන ධාවනය කිරීම අත්හිටුවා ඇත.
සීසීටීවි සහ GPS තාක්ෂණය යොදා ගනිමින් බස්රථ ගමන් කරනු ලබන ආකාරය හා නිවැරදි මංතීරු අනුගමනය කරන්නේ ද යන්න නිරන්තරයෙන් සොයා බැලීමට ද කටයුතු යොදා ඇති බව එම අමාත්‍යංශ්‍ය කියයි.
044

