ප්‍රමුඛතා මංතීරු ක්‍රමය රටපුරා


(ඩයනා උදයංගනී)

ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමවේදය ඉදිරියේදී දිවයින පුරා ක‍්‍රියාත්මක කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම ක‍්‍රමවේදය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වා ප‍්‍රමුඛතා මංතීරු කි‍්‍රයාත්මක කිරීම අද (15) අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එයට සමගාමීව වැල්ලවත්ත සැවොයි මංසන්දියේ සිට බම්බලපිටිය දක්වාත් අද සිට මංතීරු ක‍්‍රමය කි‍්‍රයාත්මක වේ.

ගාලූ පාරෙත්, බත්තරමුල්ල පොල්දුව මන්සන්දියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේත්, බොරැල්ලේ  සිට මරදාන දක්වාත්, 138 මාර්ගයේ යම් කොටසකත්  එය කි‍්‍රයාත්මක කරන්නට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පවසයි.

රටක දියුණුව මැනෙන්නේ පුද්ගලික වාහන ප‍්‍රමාණය මත නොව කොපමණ ප‍්‍රමාණයක් පොදු ප‍්‍රවාහනය භාවිත කරනවා ද යන්න මත බව අමාත්‍යවරයා කියයි.

දුම්රිය සේවය නවීකරණය කරමින් කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් කිරීම,සැහැල්ලූ දුම්රිය හඳුන්වාදීම ආදිය ඉදිරියේදී සිදුකරන බව ද ඒ මහතා කීය.