ප්‍රභූන් ලෙසින් වංචා කළැයි රත්මලානේ භික්ෂුවක රිමාන්ඩ්


කතරගම කිරි වෙහෙරේ නියෝජ්‍ය විහාරාධිපති ලෙස පෙනීසිටිමින් රැකියා ලබා දෙන බව කියමින් වංචා කිරීමත්, ජනපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස භාවිතා කිරීමත් සම්බන්ධයෙන් රත්මලානේ පාලිත නැමැති භික්ෂුවක් හා ඔහුට සහාය දුන් බව කියන ඩී එම් තරංග ද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් ලබන 21 දක්වා රිමාන් කරනු ලැබූහ. සැකකාර භික්ෂුව ප්‍රභූන් කිහිප දෙනෙකු ලෙස පෙනී සිටිමින් වංචනික ක්‍රියා රැසක් කර ඇතැයි ද, ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය දර්ශන 450 පමණ තිබූ බව ද වැලිඔය පොලීසිය අධිකරණයට දැන්වීය.