ප්‍රදීප් කාරියවසම්ගේ විරෝධය ඉවතට


ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති වශයෙන් ක්‍රියාකරද්දී  ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලට ගැනීමෙන් රුපියල් කෝටි 39කට වඩා අලාභයක් කළැයි ප්‍රදීප් කාරියවසම්ට එරෙහි පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඉදිරියේ අද විභාගයට ගැණිනි.

අල්ලස් කොමිසමෙන් නඩුව පවරා ඇති හෙයින් රජයේ නීතිඥවරයකුට හෝ නීතිපතිට මේ නඩුවට පෙනී සිටිය නොහැකි බව කාරියවසම් වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස් මහතා කීවේය. රජයේ නීතිඥ තුසිත මුදලිගේ මහතා ඊට එරෙහිව කරුණු දැක්විය. විත්තියේ විරෝධ ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් දෙසැම්බර් 19 වැනි දාට නඩුව කල් තැබීය. එදිනට චෝදනා බාරදීමට නියමිතය. කාරියවසම් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාය. ඔහු රුපියල් කෝටි දෙකක ඇපමත මුදා හැර සිටී.