ප්‍රති ජීවකයෙන් ළමයෙක් මරුට
සෙෆ්ට්‍රිඇක්සෝන් ප්‍රති ජිවක බෙහෙත දීම ගාල්ල කරාපිටිය රෝහලේ ළමයින් ඇතුළු රෝගීනට දීම වහා නතර කරන ලෙස එහි උසස් නිලධාරියෙක් අද උපදෙස් දුන්නේය. උණ, වමනය සහ බඩෙ අමාරුව සෑදුණු නව හැවිරිදි ළමයකුට එම බෙහෙත දී දෙපැයක දී ළමයා මිය යෑමෙන් පසුව ශබ්ද විකාශන මගින් ද වාට්ටුවලට දැන්වූයේ බෙහෙත දීම වහා නතර කරන ලෙසයි. මේ ගැන කොළඹට ද දැනුම් දී බෙහෙතේ ගුණාත්මක බව ගැන පරීක්ෂණයක් අරඹන ලෙස රෝහල් බලධරයන් ඉල්ලා ඇත.

