පළාත් සභාවට තනි අතින් අත්පුඩි ගහන්න බෑ


ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම පළාත් සභාවකට තම අභිමතය පරිදි ක්‍රියා කළ නොහැකියැයි ද ඒ සඳහා මධ්‍යම රජයේ ආධාර හා උපකාර අවශ්‍යයැයි ද නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම නැගෙනහිර පළාත් සභාවේ මංගල සැසියේදී ප්‍රතිපත්ති දේශනය පවත්වමින් ප්‍රකාශ කළේය. ත්‍රිකුණාමල පොලීසිය පළාත් සභා දොරටුවේදී ආණ්ඩුකාරවරයා වෙනුවෙන් උත්තමාචාරයක්ද පැවැත්වීය.