පළාත් සභා මන්ත්‍රීන්ට ආරක්ෂාව ඉල්ලයි


උතුරුමැද පළාත් සභාවේ සියළු මන්ත්‍රීවරුනට පොලිස් ආරක්ෂාව සපයන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලන යෝජනාවක් ලබන 14 (බදාදා) න්‍යාය පත්‍රයට අතුළුකැර තිබේ. මේ යෝජනාව ගෙන එන මන්ත්‍රී සරත් ඉලංගසිංහ මහතා කියනුයේ සියළු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව අවශ්‍ය බවයි. දැනට මහා ඇමතිට ආරක්ෂාව සැපයෙන නමුත් මන්ත්‍රීවරුනට කිසිම ආරක්ෂාවක් නැතැයි ඔහු කියයි. එක්සත් ජාතික පක්ෂයේ චන්දිම මහින්දසෝම මහතා පවසනුයේ පක්ෂ කණ්ඩායමේ සාකච්ඡාවකින් පසු තීරණයක් ගන්නා බවයි. ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා මෙම යෝජනාවට තරයේ විරෝධය පලකරයි. ආරක්ෂාව කුමකටද ? ආරක්ෂා විය යුත්තේ කාගෙන්ද ? මේ යෝජනාව මහජන මුදල් කා දැමීමක් බවත් යෝජනාව සම්මත වුව ද ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බව ද සමරසිංහ මහතා කියයි.