පළාත් සභා අහෝසි කරන්න


එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළ පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නට මුල්වන්නැයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ › ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලති. එය කළ යුතුම යැයි කියා තම සංවිධානය ජනාධිපතිවරයාට බල කරන බවත් එසේ නොකරන්නේ නම් දැඩි තීන්දුවලට යන්නට සිදුවනු ඇති බවත් ඒ හිමියෝ කියති. තුනෙන් දෙකක බලයක් ඇති රජයට මෙය ඉතාම පහසු දෙයක් බවත් ඒ සඳහා සහාය දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ගුණවංශ හිමියෝ පවසති.