පළාත් මන්ත්‍රීට රුපියල් හතළිස් දහයි


නැගෙනහිර පළාත් අමාත්‍යාංශය මගින් පාලනය වන සියලුම දෙපාර්තමේන්තු අධික්ෂණය කිරීමට ආණ්ඩු පක්ෂයේ පළත් සභා මන්ත්‍රීවරුන් 15 දෙනා පත්කිරීමට පළාත් අමාත්‍ය රැස්වීමේදී තීරණය කරයි. මහ ඇමැති අබ්දුල් මජීඩ් මොහොමඩ් නජීබ් මහතාගේ යෝජනාවක් අනුව මෙය ක්‍රියාවට නංවයි. ඒ සඳහා එක් මන්ත්‍රීවරයකුට මසකට ගමනා ගමන වියදම් වශයෙන් රුපියල් හතළිස් දහසක් ලබා දීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් මහාමාර්ග  ඇමැති එම්.එච්. උදුව ලෙබ්බේ මහතා කීවේය.