පළමු ශ්‍රේණියට අයදුම්පත් භාරගැනීම 1 තෙක් දිග් කරයි


(ඩයනා උදයංගනී)

ලබන 2023 වර්ෂයේදී පාසල් වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය අගෝස්තු 1 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.  

රටෙහි පවතින ගැටලුකාරී තත්වය හේතුවෙන් 2023 වසරේ පළමු ශේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන මෙන් දෙමාපියන්ගෙන් ලැබෙන ඉල්ලීම් සළකා මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම දිනය ලබන 16 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබිණි.