පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය පෙබ. 1දා ඇරඹේ


තරග සැලැස්ම වෙනස් කිරීමෙන් දැඩි කථාබහට ලක්වූ 2012/2013 අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස 1 වැනිදා ආරම්භ වේ. කණ්ඩායම් 20 ක් සහභාගි වන මෙවර තරගාවලිය අපේ‍්‍රල් මස 7 වැනිදා අවසන් වීමට නියමිතය. තරගාවලියට සහභාගි වන කණ්ඩායම්: ‘ඒ’ කාණ්ඩය: කෝල්ට්ස්, රාගම, බ්ලූම්ෆීල්ඞ්, ලන්කන්, මුවර්ස්, යුද හමුදා, බී.ආර්.සී., සැරසන්ස්, ගුවන් හමුදා සහ පානදුර ‘බී’ කාණ්ඩය: එස්.එස්.සී., හලාවත මේරියන්ස්, ද්‍රවිඩ සංගම්, බදුරලිය, එන්.සී.සී., නාවික හමුදා, වරාය අධිකාරිය, කුරුණැගල තරුණ, සී.සී.සී. සහ ගාල්ල