පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලිය දෙසැ. 9 දා ඇරඹේ
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන ප‍්‍රධානතම සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතය. ක‍්‍රීඩා සමාජ 20 ක් සහභාගි වන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ජනවාරි මස 5 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම්:
‘ඒ’ කාණ්ඩය: එන්.සී.සී., කෝල්ට්ස්, ද්‍රවිඩ සංගම්, මුවර්ස්, බදුරලිය, වරාය අධිකාරිය, සැරසන්ස්, සී.සී.සී., පානදුර සහ කුරුණෑගල තරුණ
‘බී’ කාණ්ඩය: එස්.එස්.සී., හලාවත මේරියන්ස්, බ්ලූම්ෆීල්ඞ්, ලන්කන්, රාගම, නාවික හමුදා, යුද හමුදා, ගුවන් හමුදා, බී.ආර්.සී. සහ ගාල්ල

