ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ හියාරේ පිහිටි පරීක්ෂණාගාරයකදී උපත ලද ගැට කිඹුල් පැටවුන් 18 දෙනකු ස්වභාවික පරිසරයට මුදා හැරීම මෙවර ශිෂ්‍යත්වයෙන් ශ්‍රී ලංකාවෙන් ම තුන්වැනියා වූ ෂෙනුක දුලංජන ආරියප්‍රේම සිසුවා අතින් සිදුකැරුණි.
ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වුවහොත් කිඹුල් පැටවකු ලබාදෙන ලෙස ඔහු මව්පියන්ගෙන් කලින් ඉල්ලීමක් කැර තිබිණි. ශ්‍රී ලංකාවේ කිඹුලන් දැඩි ආරක්ෂිත සත්ත්වයෙකි. ඇතිකිරීම, ඇල්ලීම හෝ වාසස්ථාන විනාශ කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. මේ හේතුවෙන් ෂෙනුක ඉල්ලා ඇත්තේ ඉටු කළ නොහැකි ඉල්ලීමකි. මේ බව දැනගත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිඹුල් පැටවුන් නිදහස් කිරීමේ අවස්ථාව ෂෙනුකට ලබාදුන්නේය.
පසුගිය අගෝස්තු මස 11 දා බේරුවල කළුවාමෝදර ගං ඉවුරේ තිබී හමුවූ කිඹුල් බිත්තර 32 ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හියාරේ වනජීවී සංරක්ෂණ සංගමයට භාර දී තිබිණි. කිඹුලියක් ස්වභාවික පරිසරයේ කූඩුවක් තනා බිත්තර රක්නා ආකාරයෙන් මෙම බිත්තර වලට අවශ්‍ය පරිසර තත්ත්වයන් කෘතිමව ලබාදීමෙන් පසු ඉන් පැටවු 18 දෙනකු බිහිවූහ. පැටවු සියලුදෙනාම නිරෝගී සුවයෙන් සිටිති.




