පහන්තුඩාව ඇල්ල පිවිසුමට ආරක්ෂක කුටියක්


( ප්‍රින්ස් රත්නායක)
 
බෙලිහුල්ඔය ගඟ ආශ්‍රිතව ඉහළින් පිහිටා ඇති පහන්තුඩාව ඇල්ලට වැටී මියගිය සංජය ක්‍රිෂ්ණ ජයකුමාර්  සිහිකර ඔහුට පින් පතා එම දෙමව්පියන් විසින් හා චීන මිත්‍රත්ව සහයෝගිතා පදනම මගින් පහන්තුඩා ඇල්ලට පිවිසුම් ආරක්ෂක කුටියක්  තනා අද (6) දින විවෘත කරන ලදී.
 

 සංජය ක්‍රිෂ්ණ  ජයකුමාර් ගේ පවුලේ ඥාති මිත්‍රාදීන් සහ චීන මිත්‍රත්ව කමිටු නියෝජිතයින් හා   ප්‍රාදේශීය සභාපතීත් ශ්‍රීලාල් සෙනරත්, උප සභාපති වසන්ත බන්දුසේන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
බොහෝ සංචාරකයින් පැමිණෙන ආකර්ශණීය ප්‍රදේශයක් වන මෙම බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටා ඇති පහන්තුඩාව ඇල්ල නැරඹීමට ගොස් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 22 ක් පමණ වන බව කියැවේ.

මෙහිදී අදහස් දැක්වූ සංජය ක්‍රිෂ්නා ජයකුමාර් ගේ මෑණියන් වූ නයිනී ජයකුමාර්  කියාසිටියේ තමන්ට අත් වූ වේදනාව තම පුතු නැති වීමෙන් ඇති වූ වේදනාව දුක තවත් එවන් අම්මාවරුන්ට ඇතිවීම වැලක්වීම පිණිස මෙම කටයුත්තට දායක වූ බවයි.

 සිය එකම පුතු මිය යාමෙන් ඇති වූ බවත් එම වේදනාව තවත් මේ රටේ ශ්‍රී ලාංකීය අම්මාවරුන්ට ඇතිවීම වළක්වා ලීමට හැකි නම් එය තමාට තම දරුවා වෙනුවෙන් ඇතිවන සතුටක් බවත් ඇය කීවාය.

 සිය පුතු  විසි එක් වැනි  වියේ දී මෙසේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පාමින් මියයාමට සිදුවූ අතර ඔහු වෘත්තියෙන් ගණකාධිකාරි තනතුරක කටයුතු කළ බවත් උපාධි ප්‍රදානෝත්සවය එළඹීමට දි කිපයක් තිබිය දී අවාසනාවන්ත ලෙස මිය යාමට සිදු බවත් පවසා සිටියාය.