පස්වැනි එක්දින තරගය වර්ෂාවට දියවෙයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයට (දිවා/රාත‍්‍රි) වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් විසඳුමකින් තොරව අවසන් විය.
පස්වරු 4.40 ට පමණ වර්ෂාව ඇද හැළෙන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා පිල ඕවර 28.3 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 123 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකාව ඕවර 28.3 කදී කඩුලූ 8 ට 123 (උපුල් තරංග 60, ළහිරු තිරිමාන්න 17, මහේල ජයවර්ධන 24, තිසර පෙරේරා 11, ටිම් සවුති 18/3, ඇන්ඩෲ එලිස් 22/2)

