ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ට්‍රිනිඩෑඩ් හා ටොබේගෝ හි පැවති අවසන් ක්‍රිකට් තරඟයේදී ක්‍රීඩා පිටියට බෝතලයක් විසි කළ විජේ අවුටින්ට වසර පහක් යන තුරු ප්‍රාදේශීය හෝ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ නැරඹීම තහනම් කළ එරට ක්‍රිකට් මණ්ඩලය ඔහු ට්‍රිනිඩෑඩ් ඩොලර් දහසක (රුපියල් 21000) බැඳුම්කරයකට ද යටත් කළේය.
එම කාලය තුළ ඔහුගේ කල්ක්‍රියාව යටපත් නුවුනහොත් දෙසතියක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ගෙවීමට සිදු වනු ඇත.
අවුටින්ට මෙම දඩුවම පැනවූයේ මෙවැනි පොදු ස්ථානවල මෙවැනි මැරවර ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා බව එරට ක්‍රිකට් මණ්ඩලය කියයි.