පවුලක්ම පිලිස්සී රෝහලේ


රාගම තේවත්ත පාරේ නිවෙසක අද අලුයම ඇතිවූ හදිසි ගින්නකින් පිලිස්සුම් තුවාල ලැබූ සිව්දෙනෙකු රාගම රෝහලට ඇතුළු කළ බව රාගම පොලීසිය කියයි. පොලීසිය ගින්න මැඩපැවැත්වූ බව ද, උඩුමහලේ පිළිස්සුම් තුවාල සහිතව සිටි මව, පියා, දියණිය හා පුතා රෝහල් ගත කළ බව ද, ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි  බව ද රාගම පොලීසිය කියයි. එකොළොස් හැවිරිදි පුතා මිය ගිය බව රෝහල් ආරංචි කියයි.