පවුල කැඩුවාට ලක්ෂ 150 ක් වන්දි


විවාහය කඩාකප්පල් කිරීමේ වරඳට වන්දි වශයෙන් රුපියල්  කෝටී එකහමාරක් නීත්‍යනුකූල සැමියා වන ව්‍යාපාරිකයකුට ගෙවන ලෙස අනියම් සැමියා වන ගුවන් යානා ඉංජිනේරුවකුට   ශ්‍රේෂ්ඨාධිකරණය  නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ  නුගේගොඩ දිසා අධීකරණයේ හා අභියාචනාධීකරණය තීන්දුවක් තහවුරු කරමිනි

අනියම් සැමියා සහ බිරිය හෝටලයක සිටියදී පොලීසිය කැඳැවු සැමියා ඉන් පසු බිරියගෙන් දික්කසාද වීමට නඩු පැවරීය.

රුපියල් දෙකෝටියක වන්දියක් සැමියාට ගෙවන ලෙස අනියම් සැමියාට නියම කරමින් දිසා අධිකරණය තීන්දු කළේය.

එම තීන්දුවට එරෙහිව අනියම් සැමියා අභියාචනා අධිකරණයට ඇපෑල් ගත්තේය.

ඈපෑලේ තීන්දුව ද  නොවෙනස් විය.අනියම් සැමියා හා බිරිය ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළහ.

වන්දිය රුපියල් කෝටි එකහමාරක්  දක්වා  අඩු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනියම් සැමියාගේ හා අනියම් බිරියෙගේ ඈපෑල ඉවත දැමීය.

මොහාන්පීරිස් අග විනිසුරු කේ ශ්‍රී පවාන් හා රෝහිණි මාරසිංහ යන විනිසුරුවරු විනිශ්චය මණ්ඩලයට අයත් වුහ.