පලෙර්මෝ ලාංකිකයෝ ආගමික සමගිය දකිති


ඉතාලියේ පලෙර්මෝ නගරයේ ශ‍්‍රි ලාංකිකයෝ අටදහසකට ආසන්න පිරිසක් ජිවත්වෙති.   ඵයින් හත්දහස් පන්සියයකට අධික පිරිස දමිල ජාතිකයෝය.  පලේර්මෝ නගරයට අඩුක්ව පැවති බෞද්ධ වීහාරස්ථානයක් ලබන වසරේදී ආරඹන බවත් ඵහි මුල්පියවර වශයෙන්  බුද්ධ ප‍්‍රතිමාවක් පසුගියදා ශ‍්‍රි ලංකාවේ සිට වැඩමකළ බවත්  දිල්කි ප‍්‍රනාන්දු මහත්මිය කීවාය. බුද්ධ ප‍්‍රතිමාව ප‍්‍රථමයෙන් වඩමිමවන ලද්දේ ශාන්ත ක‍්‍රිස්ටීනා දෙවිමැදුරේ ශාලාවට බවත් ඵ් සදහා දෙවිමැදුරේ පාලක ජොර්ජෝ නාතොලි පියතූමන්ගේ අවසරය  ලැබුණු බවත් ඇය කිවාය.  මේ  අවස්ථාවට ශ‍්‍රි ලංකාවේ සිට පිළිම වහන්සේ වැඩම කරැවූ  මහාචාර්ය වරාගොඩ පේමරතන ජනාධිපති උපදේශක බෙන්ගමුවෙි නාලක මිරිස්ස සුදර්ශනාරාමාධිපති මාමඩලේ අනෝමාසාර දබදේනියේ ධමිමාරාම ඇතුළු  හිමිවරු ද සමග දමිල ජාතික වීක්ටර් ජයසිංහමි හා වීමල් පියතුමෝ ද  ඵක්වූහ.  තිලක් රත්නායක හාපලේර්මෝ තරණ කැල මේ පිංකම සංවිධානය කළහ.