නව රජය බලයට පත්වීමෙන් පසු පලාලි අධිආරක්ෂිත කලාපයේ ඉඩම් අක්කර 1790.5ක් නිදහස් කර පවුල් 1929ක් පදිංචි කර ඇතැයි යාපනය දිසා ලේකම් එන් වේදනායහම් මහතා පැවසීය.
අදියර තුනක් යටතේ මෙම ඉඩම් නිදහස් කළ අතර තවත් ඉඩම් ද නිදහස් කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
මුල් අදියර යටතේ පලාලි අධිආරක්ෂිත කලාපයේ වලිකාමම් උතුර හා නැගෙනහිර කොටස්වලට අයත් ඉඩම් අක්කර 1038කුත් දෙවන අධියර යටතේ පලාලි උතුර හා නැගෙනහිර කොටස්වල ඉඩම් අක්කර 224කුත් තෙවන අධියර යටතේ ඉඩම් අක්කර 701 කුත් නිදහස්කරනු ලැබිණි.

