ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකිකයන්ගේ උත්සව සඳහා දේවස්ථාන වෙන් කැර ගැනීමේදී සිදු වන ප්‍රශ්න මගහරවා ගැනීම සඳහා වෙරෝනා කතතෝලික සභාව භාර ඇන්ටන් රංජිත් පියතුමන් අනුගමනය කරන්නට යන ක්‍රියා මාර්ගය අනුමත කරන බව වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඥාණානන්ද හිමියෝ කියති.
වෙන් කැර ගත් ශාලා කලට වේලාවට භාර නොදීම,නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරීම බීමතින් රංඩු සරුවල් කිරීම නිසා ශ්‍රී ලාංකිකයෝ ද අපහසුවට පත්ව සිටිති.
ඇන්ටන් රංජිත් පියතුමාගේ යෝජනාව වී ඇත්තේ ශාලාවක් වෙන් කැර ගැනීමේදී තම කාර්යාලයට මුදලක් තැන්පත් කිරීමයි.ශාලාව ආපසු භාර දීමේදී නිසි පරිදි කොන්දේසි කඩ කැර ඇත්නම් එම තැන්පත් මුදලින් ශාලාව යථා තත්ත්වයට පත් කළ හැකි බවත් එමගින් ප්‍රශ්න රැසක් මගහරවා ගත හැකි බවත් පියතුමා කියයි.