පර්පෙචුවල් ලොක්කා බැඳුම්කර කොමිසම හමුවට



(මනෝප්‍රිය ගුණසේකර)

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ ප‍්‍රධාන ගැණුම්කරු වන කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට කොමිසම පියවර ගෙන ඇත. 

වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී වංචාවන් සිදු කරන ලදැයි ඇඟිල්ල දිගුවී ඇති පාර්ශවයන් වෙනුවෙන් සාක්කි ඉදිරිපත් කිරීම අද (08) සිට ආරම්භ වන බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනපති පරීක්‍ෂණ කොමිසමේ පැමිණිලි පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටින නීතීපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්කි විමසීම අවසන් කළ බවයි. 

2015 පෙබරවාරී 01 වැනි දා සිට 2016 මාර්තු 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන විනිසුරු මඩුල්ල  හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.