(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික‍්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ටේරෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස සේවය කළ 2014 වර්ෂයේදී සමාගම 400%ක ප‍්‍රාග්ධන ලාභයක් ලබාගෙන ඇතැයි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (08)පැවසීය.
පසුගිය රජය සමයේ මහ බැංකු අධිපතිවරයාව සිටියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ය.
2014 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර සිටම අතීතයේ සිදුවු පරිදිම අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් 2014 සැප්තැම්බර්- ඔක්තොම්බර් මාසවල ලෝකයේ සියළු රටවල අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් මේ කාලයේදී විදේශ මුල්‍ය සංචිත ලෙස තිබු ඩොලර් මිලියන 400ක පමණ මුදලක් ඉවත් කරගත් බවත් පළිසේන මහතා කීය.
මේ සියළු කරුණු මෙන්ම ඒ කාලයේදී තිබු විශාල ගෙවුම් ශේෂ අර්බුදයත් නිසා අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් ඒ මහතා පැවසීය.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසම අමතමින් බැඳුම්කර වෙළෙඳපොලේ පර්පචුවල් ටේරෂරීස් සමාගම ගනුදෙනු කළ ආකාරය මෙන්ම 2014 වර්ෂයේ සිට ද්වීතීයක වෙළෙඳපොලේ ස්වරූපය පිළිබඳවද මෙම කොමිසම හමුවේ හෙළි කිරීමට තමන් බලාපොරොත්තු වන්නේ යැයි කීය.
2015 පෙබරවාරී 27 වැනිදා, 2016 මාර්තු 29 හා 2016 මාර්තු 31 වැනි දිනවල බැඳුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ කරුණු ගෙනහැ පෑමට තමන් උත්සහ කරන්නේ යැයි කී ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා පර්පචුවල් ටේරෂරීස් සමාගම බැඳුම්කර වෙන්දේසිවලින් ලාභ ලබාගත් ආකාරයත් ඒ අවස්ථාවලදී බැඳුම්කර වෙළෙඳපොලේ හැසිරීමත් පිළිබෙඳව කරුණු ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන්නේ යැයි කීය.
(ඡායාරූප-රොමේෂ් ධනුෂ්ක සිල්වා)



