පරණ පවට අලූත් දඩකොළයක්
නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතාගේ රියැදුරෙක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් අද රුපියල් දහසක දඩ කොළයක් ඉල්ලා ගත්තේය.
දින කිහිපයකට පෙර නියෝජ්‍ය ඇමැති සමග ගමන් කරද්දී පැයකට කිලෝමීටර් 169ක වේගයෙන් රිය පැදවී යැයි නියෝජ්‍ය ඇමැති රියැදුරාට දඩ කොළයක් දුන් විට එය රුපියල් 1500ක් ද සමග පොලිසිය දෙසට විසි කැර පොලිසියට ද බැණ වැදී ඇතැයි පොලිසිය කියයි.
මේ ගැන පරීක්ෂණයක් ඇරඹීමත් සමග නියෝජ්‍ය ඇමැතිගේ වෙනත් රියැදුරකු එහි ගොස් දඩ කොළය ලබාගෙන ඇත.

