පයින් ලියා ශිෂ්‍යත්වය සමත් වෙයි


උපතින්ම දෑත් අහිමි දැරියක පහේ ශිෂ්‍යත්වය සමත්ව සිටින්නීය. දැරණියගල දෙල්ඔළුව රෂ්මි නිමාෂා ගුණවර්ධන එම දැරියයි. ඇය ලකුණු 153ක් හිමිකරගත්තාය. ශිෂ්‍යත්ව කඩඉම ලකුණු 152 කි. ‘විභාගය ලේසියි. ඒත් වේගය මදි නිසා ලකුණු අඩු වෙන්න ඇති‘ යනුවෙන් ඇය කීවාය. විභාගය සමත් වී ජනාධිපතිතුමාගෙන් තෑගි ගැනීමේ ආසාවක් තිබූ බව ද ඇය සඳහන් කරන්නීය. එම ආශාව නැතිවේයැයි ඇය කනස්සල්ලද පලකරන්නීය. ඇගේ දකුණු පාදය ද උපතින්ම නැත. එහෙත් වෙනත් දරුවන් මෙන් සියලු ක්‍රියාකාරකම්වලට දක්ෂ නිමාෂා වම් කකුලෙන් ලස්සන අකුරු ලියයි. ඇගේ මව සංගීත ගුරුවරියකි. පියා ද ගුරුවරයෙකි. ඇයගේ ලිපිනය 72/6, ජනසළු මාවත, මාදෙළ, අවිස්සාවේල්ල