උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසනායක මහතාට හා තමාට මග හරස් කරමින් හූ කියමින් බෙලිහුල්ඔය පඹහින්නේදී කලහකාරී ලෙස හැසිරුණු සබරගමුව විශ්ව විද්‍යාලයයේ සිසුන් පිටුපස පෙරටුගාමී පක්ෂය සිටින බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර මහතා මාතලේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
එම සිසුන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියා කර වැරදිකරුවන්ගේ පන්ති තහනම් කරන බව ද ඔහු කීවේය.
‘එම සිසුන්ට අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළේ අපි කියලා නොවේ. එය පොලීසියේ රාජකාරියක්‘

