පතලක් කඩා වැටී අයෙක් මරුට


(අජිත්ලාල් ශාන්තඋදය)

නිවිතිගල පොලිස් බල ප‍්‍රදේශයේ මඩාර ගමේ නිවසක ගෙවත්තක කැපු පතලක දෝනාවක් අද (02) කඩා වැටීම නිසා එක්දරු පියෙකු (34) ජිවිතක්‍ෂයට පත්ව ඇතැයි නිවිතිගල පොලිසිය කියයි.

පතල පිහිටි ඉඩමේ හිමිකරු ද ඊට යටවි බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මාරුකර යවා ඇත.

මෙම පතල අනවසර එකක් බව පොලිසිය කියයි. ගෙවත්තේ අඩි පහක පමණ වළක් කපා එහි අඩි තිස් හතරක පමණ දිගු දෝනාවක් කපා ඇතැයි ද පොලිසිය කියයි.අනතුර සිදුවන අවස්ථාවේ තිදෙනකු එහි වැඩකරමින් සිටි බවට තොරතුරු ඇතැයි ද පොලිසිය කියයි.