පගාව ලොවම ගිල ගනී


ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට තම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා අල්ලස් ලබා දීමට සිදුව ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය කළ නවීනතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ලෝකයේ රටවල් 107 ක  එක් ලක්ෂ දහහතර දහසක් සහභාගී කරගෙන මෙම සමීක්ෂණය පැවැත්විණි.

දේශපාලඥයින් දුෂණ ක්‍රියාවල යෙදෙන බව ඉන්දියාවේ සියයට86 ක් ද ලංකාවේ සියයට 51 ක් ද ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරක කාලයේ පොලිසියට අල්ලස් දීමට සිදු වූ බව ඉන්දියාවේ සියයට 62 ක් සහ ශ්‍රී ලංකාවේ සියයට 43 ක් ප්‍රකාශ කළ බවද එම සමීක්ෂනයෙන් හෙළි කර ඇත.

අල්ලස සහ දුෂණය ලොව පුරා ඉතා ශීග්‍රයෙන් වර්ධනය වන බවට මෙම සමීක්ෂණය සාක්කි සපයන බවද  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් කියයි.