බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමය සහ අභිනවයෙන් ඉදි කළ ඈගල්ඔය විශ්ව සමාධි පාරමිතා ධර්මායතනය අතර ගැටුම අද බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ශ්‍රවනාගාරයේ පැවැති රැස්වීමකදී සමථයකට පත්වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවසීය.
ඈගල්ඔය විශ්ව සමාධි ධර්මායතනයේ වෑවල සීලරතන හිමියනට හොරණ ප්‍රදේශයෙන් විහාරස්ථානයක් ලබා දීමට හොරණ විද්‍යාරත්න විද්‍යායතනයේ අධිපති ඕපල්ලේ ඤාණසිරි හිමි පොරොන්දු වීමෙන් පසු එම ධර්මායතනය තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට එකඟතාවය පළ විය.
ඒ අනුව දෙපාර්ශ්වයේම හිමිවරුන්ගේ උපවාසය නතර විය.