නොච්චියාගමින් දඩයක්කාරියක් අත්අඩංගුවට


(ජයරත්න වික්‍රමාරච්චි)

නොච්චියාගම ඉහළමාරගහවැව ප්‍රදේශයේ නිවසක් වටලා පිසින ලද තලගොයි මස් ග්‍රෑම් 100ක්, අමු තිත් මුව මස් කිළෝ ග්‍රෑම් 5ක්,බෝර 12 පතරොම් තුවක්කුවක්, ජීව උණ්ඩ 1ක්, හිස් පතරොම් කොපු 10ක්, ඊයම් බෝල් 10ක් සමඟ සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය සමඟ අදාළ නඩු භාණ්ඩ නොච්චියාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.